රාහුල් ඩ්‍රාවිඩ් ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් මිලට ගනියි…

Date:

යුරොපා T20 ප්‍රිමියර් ලීග් ( European T20 Premier League ) (ETPL) ක්‍රිකට් තරගාවලියේ Dublin ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරීත්වය හිමි කර ගැනීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් සමත්ව තිබෙනවා.

එම කණ්ඩායම Dublin Guardians ලෙසයි නම් කර ඇත්තේ.

එළඹෙන අගෝස්තු මාසයේදී තරගාවලියේ පළමු අදියර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලියට කණ්ඩායම් හයක් තරග වදිනවා.

Dublin, Belfast, Edinburgh, Glasgow, Rotterdam හා Amsterdam යන යුරෝපා නගර නියෝජනය කරමින් තරගාවලියට කණ්ඩායම් එක් වීමට නියමිතයි.

අයර්ලන්ත, ස්කොට්ලන්ත හා නෙදර්ලන්ත ක්‍රිකට් ආයතන එක්ව සංවිධාන කරන මෙම තරගාවලිය ඉතිහාසයට එක්වන්නේ රටවල් කිහිපයක නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පළමු ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙසයි.

මිචෙල් මාෂ්, ටිම් ඩේවිඩ්, මිචෙල් සැන්ට්නර්, ලියම් ලිවින්ග්ස්ටන්, ග්ලේන් මැක්ස්වෙල්, ෆෆ් ඩු ප්ලෙසිස් හා හෙන්රික් ක්ලාසන් වැනි සුපිරි ක්‍රීඩකයින් ද තරගාවලියට එක්වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...