මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට අද හැකි වුණා.
ඒ, තරගාවලියේ 55 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලැබූ කඩුලු තුනක ජයත් සමගයි.
මෙම තරගය සදහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකළ අතර, ධර්ම්සාලාහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 210 ක් ලබා ගත්තා.
නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 59(36) ක් හා ප්‍රියාන්ෂ් ආර්යා ලකුණු 56(33) ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් හා මදව් තිවාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලිය පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක අක්සාර් පටෙල් පන්දු 30 කින් ලකුණු 56 ක් ලබා ගත් අතර, ඩේවිඩ් මිලර් ලකුණු 51 ක් රැස් කළේ පන්දු 28 කින්.
පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං හා යශ් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

