ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් වාර්ෂික යාවත්කාලීන කිරීම් සිදු කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.
ඊට අනුව ඉන්දියාව එහි තවදුරටත් පෙරමුණ හිමි කර ගෙන ඇතත්, ඔවුන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 119 සිට 118 දක්වා පහතට වැටී තිබෙනවා.
නවසීලන්තය දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ 111 ක්ව පැවැති සිය ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ නංවා ගනිමින්.
ලෝක ශූර ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ, ශ්‍රේණිගත ලකුණු 109 ක් සමගින්.
පළමු ස්ථාන 10 තුළ සිදුව ඇති එකම ස්ථාන වෙනස්කම වන්නේ මෙතෙක් පස්වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව(102) සිව්වැනි ස්ථානය දක්වා පාකිස්තානය(98) අභිබවා ඉදිරියට පැමිණීමයි.
ශ්‍රී ලංකාව තවදුරටත් 6 වැනි ස්ථානයේම රැදී සිටිනවා. කෙසේ වෙතත්, ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 98 සිට 96 දක්වා පහතට ඇද වැටී තිබීම විශේෂත්වයක්.
ඇෆ්ඝනිස්තානය(93), එංගලන්තය(89), බංග්ලාදේශය(84) හා බටහිර ඉන්දීය කොදෙව්වන්(74) පිළිවෙලින් 7, 8, 9 හා 10 වැනි ස්ථානවල රැදී සිටිනවා.

