මහේල වරද පිළිගනී

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සිය කණ්ඩායම ප්‍රමාණවත් තරම් හොදින් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ බවට පිළිගැනීමට සිදු වන්නේ යැයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.

2026 තරගාවලියෙන්ද ශූරතාවය දිනා නොගෙන තරගාවලියෙන් ඉවතට විසි වීමට සිදු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඊයේ පැවැති තරගාවලියේ 54 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා අවසන් පන්දුවේදී කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර, එම ප්‍රතිපලයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙන්ම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

“උපායමාර්ගිකව බලද්දී, තරගාවලිය පුරා අපි ඉතා අඩු වෙනස්කම් ප්‍රමාණයක් කළේ. අපගේ ප්‍රධාන ක්‍රීඩකයින් නිරන්තරයෙන් ක්‍රීඩා කරනවා දකින්න මම කැමති වුණා.” යනුවෙන් මහේල කියා සිටියා.

“නමුත් නිදහසට කරුණු නැහැ. මම හිතන්නේ අපිට හොඳ සංචිතයක් තිබුණා. ඒත්, මම කලින් කිව්වා වගේ, අවසානයේ අපි ප්‍රමාණවත් තරම් හොඳින් ක්‍රීඩා කළේ නැහැ කියලා පිළිගන්න සිද්ධ වෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...