ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති තරගාවලියේ 54 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා අවසන් පන්දුවේදී කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
මෙම ප්‍රතිපලයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙන්ම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
තරගයෙන් ලැබූ ජයත් සමග බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම ද විශේෂත්වයක්.
රයිපූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් පිල කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

