ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස යළිත් කුසල් මෙන්ඩිස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙනවා.
මේ වන විට චරිත් අසලංක එක්දින කණ්ඩායමේත්, දසුන් ශානක විස්සයි 20 කණ්ඩායමේත් නායකයා ලෙස කටයුතු කරනවා.
නමුත්, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සිට සීමීත පන්දුවාර කණ්ඩායම නව නායකයෙකු යටතේ ක්‍රීඩා කරවීමටයි ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත්තේ.
ධනංජය ද සිල්වා ඉදිරියටත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස රදවා ගැනීමට ද තීරණය කර ඇති බව සදහන්.

