“අපේ ක්‍රිකට් බ්‍රෑන්ඩ් එක දැන් නැහැ – ඒ නිසා ඉස්සරහට මුදල් නැති වෙනව” – මහේල

Date:

හෝමාගම ඉදි කිරීමට යෝජිත වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පල කළ අදහස් කිහිපයක් පහතින් –

“අපි ගත්තොත් මධ්‍යම පළාතේ පාසල් 50ක් තියෙනවා ක්‍රිකට් ගහන. නමුත් තණතීරු එක්ක ග්‍රවුන්ඩ් 4යි තියෙන්නේ. බස්නාහිර පළාතේ පාසල් 169ක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. නමුත් තණතීරු එක්ක ක්‍රීඩාංගණ තියන්නේ දහ අටක් විතරයි. සමහර පාසල් වලට ක්‍රීඩාංගණ තියෙනවා හැබැයි හරි විදියේ තණතීරුවක් නෑ. උතුරු පළාතේ ගත්තොත් පාසල් 26ක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා නමුත් තණතීරු 01 යි තියෙන්නේ. සබරගමු පළාතට තණතීරුවක් සහිත ක්‍රීඩාංගණයක් නෑ. ගොඩක් ක්‍රීඩකයන් බිහිකරපු වයඹ පළාතට පාසල් 41ක් තියෙනවා නමුත් තියෙන්නේ තණතීරු සහිත ක්‍රීඩාංගණ තුනක් විතරයි. දකුණු පළාතට පාසල් 50ක් තියෙනවා නමුත් තණතීරු 02 යි තියෙන්නේ. පළමු පෙල තරග ගත්තොත් කණ්ඩායම් දෙකයි අපේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනවල ක්‍රීඩා කරන්නේ. එස් එස් සී එකයි, පී සරා ඕවල් එකයි. අනෙක් අයට අත්දැකීම් නැහැ ජාත්‍යන්තර ක්‍රීඩාංගනවල ක්‍රීඩා කරලා. පල්ලෙකැලේ ,සූරියවැව , කෙත්තාරාමය, දඹුල්ල වගේ ක්‍රීඩාංගණ වල අපි අන්තර් සමාජ තරග ක්‍රීඩා කරන්නෙ නෑ. ඉතිං අපේ ක්‍රිකට් ක්‍රීඩාවෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ල අපි පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනෙ අපි කොහෙටද මේ මුදල් යොදවන්නෙ කියලා.

අපේ වැඩි පුරම ක්‍රීඩකයින් බිහි වෙලා තියෙන්නේ පාසල් ක්‍රිකට්වලින්. ඒත් පසුගිය වසර 15 – 20 ගත්තොත් පාසල් ක්‍රිකට්වලට අපි මොකුත් කරල නැහැ. අපි තණතීරුත් එක්ක ඒ ක්‍රීඩාංගන හදන්න ඕනෙ ඒ ක්‍රීඩකයින්ව බිහි කරන්න. අන්තිම අවුරුදු 15 ගත්තොත් අපිට වැඩි පුරම ජාත්‍යන්තරයට ක්‍රීඩකයින් බිහි වෙලා තියෙන්නේ පිටපළාත්වලින්. කොළඹින් නෙවෙයි. ඒත් අපි පිටපළාත්වලට ඒ අවශ්‍ය පහසුකම් දීල නැහැ. උතුරු නැගෙනහිර පළාත් ගත්තොත් ඒ පැතිවල ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. ඒ ගොල්ලන්ට අපි තාමත් පහසුකම් දීලා නැහැ.

අපි ණයක් ගත්තොත් ඩොලර් මිලියන 40ක. සියයට 3ක 4ක පොලියක් ගෙවන්න ඕනෙ. ඒ පොලියයි වාරිකයයි ගත්තොත් මිලියන 3.5ක්. අවුරුදු 10ක් 15ක් විතර ගෙවන්න ඕනෙ. ඒ මුදල අපිට යොදවන්න පුලුවන්නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒකෙන් හොද ආයෝජනයක් වේවි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කරන්න. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ, කණ්ඩායම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දැන් අපේ ඒ බ්‍රෑන්ඩ් එක නැහැ. එතකොට වෙන්නේ අපිට රූපවාහිනි අයිතිවාසිකම්වලින් ලැබෙන මුදලත් අඩු වෙනවා ඉස්සරහට.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...