යළි කණ්ඩායමට පැමිණීමට සූදානම් බව කෞෂාල් සිල්වා කියයි

Date:

තමා යළි ජාතික කණ්ඩායම වෙත පැමිණීමට අපේක්ෂාවෙන් පසු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා පවසනවා.

ඒ, සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු පසුගිය කාලයේ දී ඔස්ට්‍රේලියානු දේශීය තරගාවලියක් සදහා ක්‍රීඩා කළ අතර, එහිදී Greenvale Kangaroos ක්‍රිකට් සමාජය නියෝජනය කළ ඔහු තරග වාරය තුළ ලකුණු 600කට වැඩි ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, ඉනිමක පිතිකරණ සාමාන්‍ය 46ක් ලෙස සටහන් කරමින්.

“මට ඕනෙ වුණා වෙනස් අභියෝගයක්. මම ක්‍රීඩා කරල තියෙනව ප්‍රමාණවත් තරම් දේශිය තරග ශ්‍රී ලංකාව තුළ. ඒ වගේම අවුරුදු 10ක් විතර ලකුණු අතර හිටියා අඛණ්ඩව. මට හිතුණ මට මොකුත් නෑ සනාත කරන්න දේශීය තරග පිටිය තුළ කියල”

යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.

කෞෂාල් සිල්වා අවසන්වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය 2018 වසරේ දී එංගලන්තයට එරෙහිවයි.

අනතුරුව ඔහු එංගලන්ත දේශීය ක්‍රිකට් පිටිය තුළ සසෙක්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කළා.

“මම හිතනවා මට තව අවුරුදු කිහිපයක් තියෙනව කියල. මම මේ වෙනකොට ලකුණු 14,000 ක් වගේ පළමු පෙල තරගවලදී රැස් කරලා තියෙනවා. අන්තිම දේශීය තරග වාර තුනේ දී මම වැඩිම ලකුණු ලාභීන් තිදෙනා අතරත් රැදී සිටියා. මම හිතනවා මගේ පිතිකරණය ප්‍රමාණවත් කියල යළිත් අවස්ථාවක් ලබා ගන්න”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...