ඉන්දියාව දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට එකග වෙයි

Date:

ලබන අගෝස්තු මාසය අවසානයේ දී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වීම සදහා වැඩි අවස්ථාවක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙරටේම රජයේ අනුමැතිය ලැබුණහොත් පමණක් තරග සංචාරය සිදු වනු ඇති.

එහිදී දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය FTP හෙවත් අනාගත ක්‍රිකට් තරගාවලි කාලසටහනට නිල වශයෙන් ඇතුළත්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, තරගාවලිය සම්බන්ධ‍යෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සවුරව් ගංගුලි සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑම් ස්මිත් අතර සාකච්ඡා ආරම්භ වූ අතර, ඊයේ (20) දිනයේ දී එම සාකච්ඡා අවසන්ව ඇත්තේ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් එකගතාවයකට එළඹෙමින්.

අගෝස්තු මාසය ආසන්න වත්ම කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සලකා බලා තරගාවලිය පැවැත්විමට හැකි වනු ඇත්දැයි අවසන් තීරණයක් ගැනීමට සිදු වන්නේ දෙරටේම රජයන්හි අනුමැතිය ඒ සදහා ලැබුණහොත් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...