Watch : අළුබදුනම කළඹමින් ලබුෂේන් තනි අතින් ඇල්ලූ ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේදී තනි අතින් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට මර්නස් ලබුෂේන්ට හැකි වුණා.

ලකුණු 435 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්ත දෙවැනි ඉනිමේදී ඔලී පෝප් ලකුණු 17කට දවා ගැනීම සඳහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ස්ලිප් කලාපයේ සිට ඔහු මෙම උඩ පන්දුව රැක ගත්තා.

ඇඩිලේඩ් හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි.

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 349 කට අද සීමා වුණා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 170 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...