Watch : අජ්මාල්ගේ කඩුලු 6 මෙන්න

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රිකට් තරු රැසක් පිරිවරාගෙන World Championship of Legends විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙනවා.

එහිදී Leicester හී Grace Road ක්‍රීඩා පිටියේදී පැවති තරගයෙදී Australia Champions කණ්ඩා‍යම පරාජය කරමින් කඩුලු 10 ක විශිෂ්ට ජයග්‍රහනයක් වාර්තා කිරීමට Pakistan Champions කණ්ඩා‍යම සමත්වුනා. එම තරගයේදී සයීඩ් අජ්මාල් විශිෂ්ට පන්දුයැවීමක නිරත වීම කැපී පෙණුනා.

කාසියේ වාසිය දිනාගත් Pakistan Champions කණ්ඩා‍යමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Australia Champions කණ්ඩා‍යමට සාර්ථක ඉනිමක් දියත් කිරීමට හැකියාවක් ලැබුනේ නැහෑ. මුලු ලකුනු පුවරුව 74 ක්ව තිබියදී ඔවුන්ගේ කඩුලු 10 ම බිඳ හෙලීමට පාකිස්තාන හිටපු පන්දුයවන්නන් සමත්වුනා.

එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වු දඟ පන්දුයවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් ලකුනු 16 කට කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්වුනා. ඉමාඩ් වසීම් කඩුලු 2 ක් බිඳ හෙලුවා.

Australia Champions කණ්ඩා‍යම දුන් ලකුනු 74 ක ඉලක්කය පන්දුවාර 7.5 ක් තුල පහසුවෙන් හඹා යාමට Pakistan Champions කණ්ඩා‍යම සමත්වුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...