කෞෂාල් සිල්වාට ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ධූරයක්

Date:

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා හොංකොං පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ, හොංකොං කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටින පසුබිමකයි. ඔවුන් සැප්තැම්බර් 9 වැනිදා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව තරගාවලියේ සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සිල්වා 2011 වසරේ සිට 2018 වසර දක්වා ටෙස්ට් තරග 39කට ක්‍රීඩා කර ඇති අතර, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කළා.

කෙසේ වෙතත්, 39 හැවිරිදි ඔහු ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු තනතුරක් දරන පළමු අවස්ථාව මෙයයි.

ඔහු පළමු පෙළ ක්‍රිකට් පිටියේදී දක්ෂ කඩුලු රකින ආරම්භක පිතිකරුවෙකු වූ අතර, තරග 209කදී ශතක 41ක් සමඟින් ලකුණු 13,932ක් රැස් කර තිබෙනවා. ඉන් ශතක තුනක් ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙනුයි වාර්තා වුණේ.

T20 ආසියානු කුසලානයේදී B කාණ්ඩයෙන් තරග වදින හොංකොං කණ්ඩායම, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟින් ද මූලික වටයේදී තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...