Watch : ඔස්ට්‍රේලියාවේ Hastings යොමු කළ පන්දු 18 කින් යුත් අසම්පූර්ණ ඕවරේ මෙන්න

Date:

World Championship of Legends තරගාවලිය යටතේ Australia Champions කණ්ඩායම හා Pakistan Champions කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක John Hastings විසින් පන්දු 18 කින් යුත් අසම්පූර්ණ පන්දුවාරයක් (නීත්‍යානුකූල පන්දු 5 ක් පමණක්) යොමු කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

Leicester හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 11.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 74 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 7.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පාකිස්තාන ඉනිමේ යොමු කෙරුණු 8 වැනි හා අවසන් පන්දුවාරය John Hastings විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේදී ඔහු විසින් වයිඩ් පන්දු 12 ක් හා එක් නිපන්දුවක් යොමු කිරීම කැපී පෙනුණා.

ඒ අනුව 39 හැවිරිදි ඔහු එම පන්දුවාරයේදී නීත්‍යානුකූල නොවන පන්දු 13 ක් හා නීත්‍යානුකූල පන්දු 5 ක් පමණක් යොමු කළ අතර, ඒ අතරතුර පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

එම පන්දුවාරයේ පළමු පන්දු පහම වයිඩ් පන්දු වීම ද කැපී පෙනුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...