ස්ටොක්ස්ට අවසන් ටෙස්ට් තරගය අහිමි වෙයි ; එංගලන්තයෙන් වෙනස්කම් 4 ක් – බුම්රා ගැන තීන්දුව මෙන්න

Date:

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙරට අතර පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේදී මුහුණ දුන් උරහිසක ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔලී පෝප් හෙට ආරම්භ වන අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

පස්වැනි ටෙස්ට් තරගය සදහා වෙනස්කම් 4 ක් සිදු කිරීමට එංගලන්තය පියවර ගෙන තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ජේකබ් බෙතෙල්, ගස් ඇට්කින්සන්, ජෙමී ඕවර්ටන් හා ජොෂ් ටොන්ග් කණ්ඩායමට කැදවා තිබෙනවා.

ජොෆ්ර ආචර් හා බ්‍රයිඩන් කර්ස් මෙම තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර, ලියම් ඩෝසන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

කණ්ඩයමේ සිටින දග පන්දු යැවිය හැකි ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ජෝ රූට් හා බෙතෙල් පමණයි.

මේ අතර, අවසන් ටෙස්ට් තරගයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ද විවේක ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ යෝග්‍යතාවය පිළිබද සලකා බලා ඔහුට මෙම තරගාවලියේ තරග 3 ක් පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන බවටයි තරගාවලිය ආරම්භ වීමට පෙර ද ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව සදහන් කර තිබුණේ.

මේ වන විට ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවන අතර, අවසන් තරගය හෙට (31) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

England XI:

Zak Crawley, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jacob Bethell, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Jamie Overton, Josh Tongue

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...