Watch : පැන්ෂන් ඇරගෙනත් AB රැක ගත්ත ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රිකට් තරු රැසක් පිරිවරාගෙන World Championship of Legends 2025 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙනවා.

එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට ලැදී බොහෝ දෙනෙකුට අතීතයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වර්ණවත් කල විශිෂ්ට ක්‍රිකට් තරු රැසක් නැවතත් පිටිය තුලදී දැකගන්නට පුලුවන්.

එම තරගාවලියේ 6 වන තරගය අද South Africa Champions කණ්ඩා‍යම සහ India Champions කණ්ඩා‍යම අතර පැවැත් වුණා. මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට පෙර ක්‍රීඩාලෝලීන් හට සුපිරි ක්‍රීඩක ඒ.බී. ඩිවිලියර්ස්ගේ අනර්ඝ පන්දු රැක ගැනීමක් යළිත් වරක් සජීවීව දැක බලා ගැනීමට අවස්ථාව උදා වුණා.

ඉම්රාන් තහීර් යොමු කළ පන්දුවකට යූසුෆ් පතාන් ඉහළින් එල්ල කල දැවැන්ත පහරක් හයේ සීමාව ආසන්නයේදී සුපිරි උත්සහායකින් නවතා ගැනීමට ඩිවිලියර්ට හැකි වූ අතර, තවත් ක්‍රීඩකයකුගේ සහයෝගය ද සමගින් එය විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගැනීමට දකුණු අප්‍රිකාවට හැකි වුණා.

පන්දුව අතේ රැඳී තිබූ මොහොතේදී ඔහු ශරීරය සහ සීමා ඉර ගැටීම වලක්වා ගැනීමට ගත් සාර්ථක උත්සාහය තරග විස්තර විචාරකයන්ගේ ද ඉහළ පැසසුමට ලක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...