Watch : නබීගේ පුතා නබීගේ පළමු පන්දුවටම ගහපු හයේ පහර මෙන්න

Date:

ක්‍රිකට් ක්‍රීඩාවේදී පිය පුතු සබඳතා පිළිබඳව අසන්නට ලැබුනත් එකම තරගයක් තුල එවැනි අවස්ථාවක් දැකගන්නට ලැබීම ඉතාමත් විරල සිදුවීමක්.

මේ දිනවල ඇෆ්ගනිස්තානයේ පැවැත්වෙන shpageeza cricket league පන්දුවාර විස්සයි 20 තරගාවලිය යටතේ අද (22) පැවති තරගයකදී ක්‍රිකට් පිටියේ ඒ සුවිශේෂී අවස්ථාව දැකගන්නට පුලුවන් වුනා.

එහිදී MIS Anik Region කණ්ඩා‍යම නියෝජනය කරමින් ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් නබී ක්‍රීඩා කල අතර, ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩා‍යම වු AMO Region කණ්ඩා‍යම නියෝජනය කරමින් ඔහුගේ 18 හැවිරිදි පුත් හසන් එසකිල් ක්‍රීඩා කලා.

එහිදී හසන් එසකිල් පිතිකරණයේ නියැලෙමින් සිටියදී සිය පියා නබී යොමු කල පළමු පන්දුවටම දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත්වුනා.

මෙය ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක් බවටද පත්වුනා.

මෙම තරගයේදී හසන් එසකිල් පන්දු 36 කට මුහුණ දෙමින් ලකුනු 52 ක් වාර්තා කලා. ඒ හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 5 ක් ද සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...