ICC වාර්ෂික රැස්වීම අවසන් ; අලුත් රටවල් දෙකක් අයි සී සීයට බැදෙයි

Date:

සිංගප්පූරුවේ පැවැති ICC වාර්ෂික මහා සමුළුව අද(20) නිමා වුණා. ඉන් අනතුරුව එහිදී ගත් ප්‍රධාන තීරණ කිහිපයක් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඊට ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් පිළිබද යාවත්කාලීන කිරීමක්, ඉදිරි ICC ලෝක ටෙස්ට් ශූරතාවලි තුනේ අවසන් මහා තරගවල සත්කාරක රටවල්, ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට්හි වත්මන් තත්ත්වය සහ අයි.සී.සීය වෙත නව සාමාජිකයින් දෙදෙනෙකු එකතු වීම ඇතුළත් වනවා.

අවතැන් වූ ඇෆ්ඝනිස්තාන සම්භවයක් සහිත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සහාය දැක්වීමේ ICC මුලපිරීමට අනුකූලව, එම ක්‍රීඩිකාවන්ට 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සහ ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත කාන්තා T20 ලෝක කුසලානය ඇතුළු ICC තරගාවලියන්ට සහභාගී වීමේ අවස්ථාව ලැබෙනු ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

එමෙන්ම ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා (WTC) අවසන් මහා තරග තුන (2027, 2029, 2031) සඳහා සත්කාරක අයිතිය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයටම පිරිනැමූ බව ද අයි.සී.සීය සදහන් කළා. WTC පළමු අදියර තුනේම අවසන් මහා තරග ද පැවැත්වුණේ එංගලන්තයේදීයි.

මේ අතර, අයි.සී.සීය සදහා නව සාමාජික රටවල් දෙකක් ද ඇතුළත්ව තිබෙනවා. එනම් ටිමෝර්-ලෙස්ටේ ක්‍රිකට් සංගමය සහ සැම්බියා ක්‍රිකට් සංගමයයි. ඒ අනුව මේ වන විට ICC හි සම්පූර්ණ සාමාජිකත්ව රටවල් සංඛ්‍යාව 110 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව ඔවුන්ට පුළුල් පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා මාස තුනක තවත් අමතර කාලයක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම ප්‍රතිසංස්කරණ අතරට නිශ්චිත කාල සීමාව තුළ නිදහස් හා සාධාරණ නිලවරණයක් පැවැත්වීම ද ඇතුළත් වන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...