Watch : සීල්ගේ ක්‍රියාවට ස්ටක් දැක් වූ සුපිරි ප්‍රතිචාරය

Date:

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම සහ ඕස්ට්‍රේලියා කණ්ඩා‍යම අතර පැවති 3 වන හා අවසන් ටෙස්ට් තරගය නිමාවට පත් වුණේ කොදෙව්වන්ට ඉතාමත් වේදනාකාරී මතකයක් ඉතිරි කරමින්.

ලෝක ටෙස්‍ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් කොදෙව්වන් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 27කට දැවී ගිය අතර, ඒ අනුව මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 176 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ටෙස්ට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත්තේ ද ඔස්ට්‍රේලියානුවන්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මිචෙල් ස්ටාර්ක් කඩුලු 6 ක් ලකුණු 9 ක් තුළ බිඳ හෙලුවත් ඔහු දවා ගත් අවසන් කඩුල්ල පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ස්‍ටාර්ක් අවසන් කඩුල්ල ලෙස සුපිරි පන්දුවකින් ජෙයිඩන් සීල්ස්ව දවා ගනිමින් එය ඉතාමත් උත්යෝගීමත්ම සමරන ආකාරය දැක ගත හැකි වුණා.

ඊට හේතු වුණේ මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ පළමු ඉනිම තුළ මිචෙල් ස්‍ටාර්ක්ව ලකුණු නොලබා දවා ගැනීමට ජෙයිඩන් සීල්ස් සමත්වු අතර, එම අවස්ථාවේ ස්ටර්ක් ඉදිරියේ එම කඩුල්ල ඉතාමත් ආවේගශීලිව සැමරීමට සීල්ස් කටයුතු කළා.

ඊට අවසන් ඉනිමේදී ප්‍රතිචාර දක්වමින් සීල්ගේ කඩුල්ල දවා ගනිමින් කැපී පෙනෙන සැමරුමක් සිදු කිරීමට මිචෙල් ස්ටාර්ක් කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...