Watch : ලොවක් මවිත කරවූ සොනාල්ගේ විශ්මිත උඩ පන්දු රැක ගැනීම මෙන්න

Date:

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩා‍යම සහ ඕස්ට්‍රේලියා A කණ්ඩා‍යම අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ 3 වන දිනයෙදී ඉතාමත් විශිෂ්ට ගණයේ උඩ පන්දු රැකගැනීමක් වාර්තා කිරීමට සොනාල් දිනුෂ සමත්වුනා.

ඩාර්වින් හී දී ආරම්භ වු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා‍යම ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලකුනු 272 ක් රැස්කිරීමට සමත්වුනා. එහිදී අනර්ඝ ශතක ඉනිමක නිරත වු සොනාල් දිනූෂ පන්දු 148 ක් තුල නොදැවී ලකුනු 105 ක් රැස්කිරීමට සමත්වුනා.

එයට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියා A කණ්ඩා‍යම සියලු දෙනා දැවී ප්‍රථම ඉනිමට රැස්කල ලකුනු සංඛ්‍යාව 486 ක්. නේතන් මැක්ස්විනි සහා ලියාම් ස්කොට් ලකුනු 94 බැගින් රැස්කලා.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද  දක්ෂතා දැක් වූ සොනාල් දිනූෂ කඩුලු 4 ක් බිඳ හෙලුවා. ප්‍රමෝද් මධුශාන් කඩුලු 3 ක්ද නිශාන් පීරිස් කඩුලු 2 ක් ද දවා ගත්තා.

තෙවන දිනය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩා‍යම එක් කඩුල්ලක් බිඳ වැටී රැස්කර සිටි ලකුනු සංඛ්‍යාව 49 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...