හෙට ප්ලෑන් එක (කුඹුරක්ද) ? සනත් කෙළින් දුන් උත්තරේ මෙන්න

Date:

 

ශ්‍රී ලංකා කණ්ඩා‍යම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම ක්‍රීඩා කරන 3 වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (16) රාත්‍රියේදී ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහනය කර තිබීමත් සමග හෙට තරගයේ උණුසුම ඉතාමත් ඉහළ අගයක් ගෙන ඇති බව නොරහසක්.

නිමාවට පත්වුණ ටෙස්‍ට් සහ එක්දින තරගාවලි ද්විත්වය සේම විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහනයත් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට අවසන් තරගයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියදී, තරග සංචාරයේ යම් සුබවාදී දෙයක් එනම් තරගාවලි ජයක් රැගෙන ආපිට සිය රට බලා පිටත්ව යාමට බංග්ලාදේශය අපේක්ෂාවෙන් පසුවනවා.

විස්සයි විස්ස තරගාවලියේ පෙර තරග පල්ලෙකැලේ සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හීදී පැවති අතර එම තරග දෙකේදීම පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරු ලැබුණා.

හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී කුමන ආකාරයේ තණතීරුවක් ලැබේවිද යන්න පිළිබඳව මේවන විට ප්‍රේක්ෂකයෙන් දැඩි අවධානයෙන් පසුවනවා.

මේ පිළිබඳව අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඇසු පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරීය මහතා දක්වා සිටියේ මෙවන් අදහසක්.

” සාමාන්‍යයෙන් මේ තරගාවලිය පුරාවටම අපි බලාපොරොත්තු වුනේ පිතිකරුවන්ට යෝග්‍ය හොඳ තණතීරු. කිසිම වෙලාවක අපි වෙනස් තණතිලි බලාපොරොත්තු වුනේ නැහෑ. අපි පවසා සිටියේ මේ තරගාවලිය පුරාම හොඳ තණතිලිවල ක්‍රීඩා කරන්න අවශ්‍ය බවයි. ඉතින් ඒ තැන තමයි අපි ඉන්නේ ”

වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා පවසා සිටියේ තවම තණතිල්ල සකස් කරමින් තිබෙන බැවින් ඒ ගැන වැඩි අදහසක් දක්වන්න තමා නොදන්නා බවයි.

දඟ කැවෙන තණතීරු අවශ්‍ය නොවුන බවත්, දෙපිළේම පිතිකරුවන් හොඳ තණතිලිවල ක්‍රීඩා කිරීම යෝග්‍ය බව සියල්ලන්ගේ විශ්වාසය වූ බවත් ජයසූරීය මහතා පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...