Watch : කුසල් පෙරේරාගේ සුපිරි ප්‍රහාරය ලාහෝරය අවසන් තරගයට රැගෙන යයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් Islamabad United කණ්ඩායම පරදා ලකුණු 95 ක විශිෂ්ඨ ජයක් ලබමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.

එහිදී ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී ද කුසල් පෙරේරා හා භානුක රාජපක්ෂ පිත්තෙන් දක්ෂතා දැක් වීම විශේෂත්වයක්.

ලාහෝර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 202 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් කණ්ඩායමට පන්දුවාර 15.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි.

ලාහෝර් ඉනිම වෙනුවෙන් අංක 4 පිතිකරු වූ කුසල් පෙරේරා පන්දු 35 කින් ලකුණු 61 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

භානුක ලකුණු 22 ක් ලබා ගත්තේ පන්දු 13 කින්. හයේ පහරක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගයේදී Lahore Qalandars කණ්ඩායම, Quetta Gladiators කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. Quetta Gladiators කණ්ඩායම සදහා දිනේෂ් චන්දිමාල් හා අවිශ්ක ප්‍රනාන්දු ද ක්‍රීඩා කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...