Watch : තරගය උඩි යටිකුරු කළ ඒෂාන් මාලිංගගේ සුපිරි පන්දුවාරය

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවාරයක් යොමු කිරීමට සන්රයිසස් හයිදරාබාද් වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග අද(23) සමත් වුණා.

ලක්නව්හි පැවැති මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 231 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB පිලට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

පන්දු යැවීමේදී මාලිංග පන්දුවාර 4 තුළදී ලකුණු 37 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඊට අමතරව ඔහු විසින් රාජත් පටිදර්ව දුවද්දී දවා ගැනීමට දැක් වූ විශිෂ්ඨ පන්දු රැකීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ඉනිමේ 16 වැනි පන්දුවාරය ආරම්භ වීමට පෙර බැංගලූරු පිලට තරගය ජය ගැනීම සදහා පන්දු 30 කින් අවශ්‍ය වුණේ කඩුලු 7 ක් අතැතිව ලකුණු 65 ක් පමණයි.

කෙසේ වෙතත්, 16 වැනි පන්දුවාරය තරගයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූ අතර,  ඒෂාන් මාලිංග එම පන්දුවාරයේදී ලකුණු 7 ක් පමණක් ලබා දී පටිදර්ගේ දුවද්දී දවා ගැනීම ද සහිතව එම පන්දුවාරයේදී කඩුලු දෙකක් සිය කණ්ඩායමට ලබා දීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...