Watch : සුපිරි පන්දු යැවීමක් සමග කසුන් රාජිත එංගලන්තයේ දී බිද දැමූ කඩුලු පහ මෙන්න

Date:

එංගලන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ (County Championship Division One) 33 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගැනීමට එසෙක්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සමත් වුණා.

ද ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ සරේ කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එසෙක්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 217 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සරේ කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 279ක්.

තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එසෙක්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියා. ඒ අනුව එසෙක්ස් කණ්ඩායම මේ වන විට ලකුණු 133 ක් ඉදිරියෙන් පසුවනවා.

සරේ පළමු ඉනිමේදී කසුන් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 87 ක් ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Dom Sibley, Tom Lawes , Sam Curran , Ben Foakes හා Jamie Overton යන ක්‍රීඩකයින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...