මහේලගේ මුම්බායි අවසන් වටයට – සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, තරගාවලියේ 63 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් පරදා ලකුණු 59 ක ජයක් වාර්තා කරමින්.

වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා. ඒ, පන්දුවාර 18 ක් අවසන් වන විටත් ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 132 ක් පමණක් ලබා සිටි පසුබිමකයි.

ඒ අනුව අවසන් පන්දුවාර දෙක තුළදී සූර්යකුමාර් යාදව් හා නාමන් ධීර් ප්‍රතිවාදීන්ගෙන් ලකුණු 48 ක් උදුරා ගැනීමට සමත් වුණා. එම පන්දුවාර දෙක යොමු කළේ මුකේෂ් කුමාර් හා දුෂ්මන්ත චමීර විසිනුයි.

සූර්යකුමාර් පන්දු 43 කින් ලකුණු 73 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 7ක් සමගින්. පන්දු යැවීමේදී මුකේෂ් ලකුණු 48 කට කඩුලු 2 ක් දවා ගත් අතර, දුෂ්මන්ත ලකුණු 54 කට කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලියට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

සමීර් රිස්වි ලකුණූ 39(35) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් ලකුණු 11 කට කඩුලු 3 ක් ද, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 12 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් සමගින් මුම්බායි කණ්ඩායම ද මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ඇති අතර, අනෙක් කණ්ඩායම් හයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ, තරගාවලියේ මූලික වටය යටතේ තවත් තරග 7 ක් ඉතිරිව ඇති පසුබිමකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...