Watch : බංග්ලාදේශ මැද පෙල අන්ත අසරණ කරමින් හෙයිදර් අලී දවා ගත් කඩුලු

Date:

බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට එක්සත් අරාබි දග පන්දු යවන ක්‍රීඩක Haider Ali අද(21) සමත් වුණා.

සාජාහීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශයේ කඩුලු 8ක් ලකුණු 84 ක් තුළ බිද හෙලීමට UAE පන්දු යවන්නන්ට හැකි වුණා.

එහිදී බංග්ලාදේශ මැද පෙල වැනසූ Haider Ali පන්දුවාර 4 තුළදී කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 7 ක් පමණක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

කෙසේ වෙතත්, ජේකර් අලී ලබා ගත් ලකුණු 41(34) න් ශක්තිමත් වෙමින් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 162 ක් ලබා ගනිමින්.

මේ වන විට රටවල් දෙකම එක් තරගය බැගින් ජය ගෙන ඇති බැවින් තරගාවලියේ ජය හිමි වන්නේ අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...