ක්‍රිකට් ප්‍රධානීන්ට හා ක්‍රීඩකයින්ට එරෙහිව අපහාස බැහැ – අධිකරණයෙන් වාරණයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපහාස හා අගෞරවයක් ඇති වන ආකාරයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීම ඊයේ(20) දින සිට සති දෙකක කාලයකට වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මහතා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට වාරණයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහජන මුදල් අයුතු ලෙස අවභාවිතා කරන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 5 වැනිදා කඩුවෙල දිසා අධිකරණ පරිශ්‍රයේදී කළ ප්‍රකාශයන්ට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින් ගොණු කළ පැමිණිල්ලක් සලකා බලමිනුයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම වාරණය නිකුත් කළේ.

විත්තිකරුගේ අසථ්‍ය චෝදනා හේතුවෙන් පුද්ගලිකව තමන්ට මෙන්ම සිය ආයතනයටත්, ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා ක්‍රිකට් ක්‍රීඩාවටත් දැඩි අවමානයක් සිදුව ඇති බව පැමිණිලිකරුවන් සදහන් කළා.

අදාළ ප්‍රකාශය ඔස්සේ මහජනතාව තුළ වැරැදි වැටහීමක් ඇති වන බව පෙන්වා දුන් පැමිණිලිකරුවන්, රොෂාන් රණසිංහ මහතාගේ එම ප්‍රකාශයෙන් සිදු වූ හානියට රුපියල් මිලියන 500 ක වන්දියක් අය කර දෙන ලෙසටයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...