IPL 2025 – කණ්ඩායම් 3 ක් අවසන් වටයට සුදුසුකම් ලබයි – 4 ක් එළියට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත්තේ තරගාවලියේ 60 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් පරදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 10 ක ජයක් ලැබීමත් සමගයි.

ඒ අනුව මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව ඇත්තේ එක් කණ්ඩායමකට පමණයි.

දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ඒ සදහා තරග වදිමින් සිටිනවා.

කෙසේ වෙතත්, කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිදරාබාද්, රාජස්ථාන් රෝයල්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වලට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට මේ වන විට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...