රෝහිට් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන විශේෂ තීරණයක් ගනියි

Date:

තමා වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා පවසනවා.

ඉන්දීය කණ්ඩායම ජූනි 20 වැනිදා සිට එංගලන්තයේ දී තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඒ අනුව කඩිනමින් නව නායකයෙකු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නම් කිරීමට ද එරට තේරීම් කමිටුවට සිදු වනවා.

රෝහිත්ගේ නායකත්වයෙන් පසුගිය වසරේදී ඉන්දීය කණ්ඩායම විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් පසුව ඔහු විස්සයි 20 ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළා.

අද දිනයේ සිට ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ ද, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටින බවයි ෂර්මා සදහන් කළේ.

සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබමින් ඔහු මේ බව නිවේදනය කළා.

“Hello everyone I would just like to share that I am retiring from Test cricket. It’s been an absolute honour to represent my country in whites. Thank you for all the love and support over the years. I will continue to represent India in the ODI format,”

රෝහිත් අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග අටේදී ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 10.93 ක් ලෙසයි.

රෝහිත්ගේ නායකත්වය යටතේ ඉන්දියාව සිය රටේදීම නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලිය තරග 3-0 ක් ලෙස මෑතකදී පරාජයට පත් වූ අතර, අනතුරුව ඔස්ට්‍රේලියාවට එරෙහි බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලිය ද තරග 3-1 ක් ලෙස පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...