IPL තරගාවලිය අත්හිටුවයි

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර මේ වන විට ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

කෙසේ වෙතත්, අද දිනයේදී ඒ පිළිබද නිල නිවේදනයක් තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කරනු ඇති.

ඊයේ දිනයේදී ධර්ම්සාලාහීදී පංජාබ් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැති තරගාවලියේ 58 වැනි තරගය ද අතරමගදී අත්හැර දැමීමට සංවිධායකයින් තීරණය කළ පසුබිමක මෙලෙස සම්පූර්ණ තරගාවලියම තාවකාලිකව නතර කිරීමට මේ වන විට තීරණය කර තිබීම විශේෂත්වයක්.

එම තරගයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් විශේෂ දුම්රියක් මගින් දිල්ලි නුවර බලා අද පෙරවරු කාලයේදී පැමිණියා. ඒ, ධර්ම්සාලා හා ඒ අවට ගුවන් තොටුපොලවල් වසා දමා තිබිම හේතුවෙනුයි.

මේ වන විට තරගාවලිය යටතේ තරග 58 ක් පමණක් පවත්වා ඇති අතර, තවත් තරග 16 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...