දෝනිගේ චෙන්නායි පිලට දරුණු පරාජයක්

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේදී අඛණ්ඩව ලැබූ 5 වැනි තරග පරාජයත් අද(11) දිනයේදී වාර්තා කළා.

ඒ, තරගාවලියේ 24 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ කඩුලු අටක දරුණු පරාජයක් ලබමින්.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් මෙම තරගයට එක් වුණ චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දී පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 103 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිතිකරුවන් පන්දුවාර 10.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

සුනිල් නරායන් ලකුණු 44(18) ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර දෙකක් සමගින්. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 23 කට දැවී ගියා. අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 20 ක් හා රින්කු සිං නොදැවී ලකුණු 15 ක් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිම වෙනුවෙන් ශිවම් ඩූබේ නොදැවී ලකුණු 31 ක් ලබා ගත් අතර, විජයි ශන්කර් ලකුණු 29 යි. අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි දෝනි එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේදී සුනිල් නරායන් ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ෂිත් රානා හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...