ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඔලිම්පික් වරම් අහිමි වෙයිද?

Date:

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඇතුළත් කර ඇති ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් රටවල් හයක් කාන්තා හා පිරිමි අංශයෙන් ක්‍රීඩා කරන බව මේ වන විට තරගාවලියේ සංවිධායකයින් විසින් තහවුරු කර තිබෙනවා.

එක් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වන අතර, ඒ අනුව සමස්ථයක් ලෙස ක්‍රීඩකයින් 90 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 90 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වනු ඇති.

කෙසේ වෙතත්, තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය මෙතෙක් නිවේදනය කර නැහැ. බොහෝ විට විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගනිමින් රටවල් ඒ සදහා තෝරා ගැනීමට ඉඩ තිබෙනවා.

සත්කාරක රට ලෙස ඇමෙරිකාව සෘජුව ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වන්නේ තවත් රටවල් පහකට පමණයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් තරගාවලියට ක්‍රීඩා කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතිනවා.

ඊට හේතුව කොදෙව්වන් රටක් ලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තරග නොකිරීමයි. ඒ වෙනුවට කැරිබියන් දූපත් වෙන වෙනම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තරග වදිනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඇතුළත් කර ඇත්තේ 1900 වසරෙන් පසුව පළමු වරටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...