චෙන්නායි නායකත්වය යළි දෝනිට

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලදී මෙහෙයවීමේ වගකීම හිටපු නායක එම් එස් දෝනිට පැවරී තිබෙනවා.

ඒ, වැලමිටක ආබාධයකට ලක් වූ නායක රුටුරාජ් ගයික්වඩ්ට තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වීම හේතුවෙන්.

චෙන්නායි පිල හෙට(11) දිනයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර, ඊට පෙර පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ග් විසින් මේ බව අද තහවුරු කළා.

මේ වන විට මෙවර තරගාවලියේදී තරග පහක් ක්‍රීඩා කර ඇති චෙන්නායි කණ්ඩායම ඉන් ජය ගත්තේ එක් තරගයක් පමණයි. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 9 වැනි ස්ථානයේයි.

මාර්තු 30 වැනිදා රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව පැවැති තරගයේදීයි ගයික්වඩ් අදාළ ආබාධයට මුහුණ දුන්නේ. පිතිකරණයේ නිරතව සිටින අතරතුර තුෂාර් දේශපන්ඩේ යොමු කළ පන්දුවක් වැලමිටක වැදී එම ආබාධය සිදු වුණා. කෙසේ වෙතත්, ඉන් අනතුරුව ද ඔහු තවත් තරග දෙකක් ක්‍රීඩා කළා.

43 හැවිරිදි දෝනි 2008 වසරේ සිට 2024 වසර දක්වා චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබා දී තිබෙනවා. ඔහු 2022 වසරේ පැවැති තරගාවලියට පෙර රවීන්ද්‍ර ජඩේජාට කණ්ඩායමේ නායකත්වය ලබා දුන් නමුත්, එම තරගාවලිය අතරතුර දෝනිව යළි නායකත්වයට පත් කෙරුණා.

දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි පිල 2010, 2011, 2018, 2021 හා 2023 අයි.පී.එල් තරගාවලි ජය ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...