සැක සහිත ස්ටම්ප් දැවී යාම ගැන පරීක්ෂණ ඇරඹෙයි (දර්ශන සහිතයි)

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ පැවැති 57 වැනි තරගයේදී දැක ගත හැකි වූ සැක සහිත ස්ටම්ප් කිරීමේ දැවී යාමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් හා තරගාවලි තාක්ෂණික කමිටුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම තරගය Gulshan Cricket Club හා Shinepukur Cricket Club අතර මීර්පූර්හී පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් Gulshan කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 41 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 178 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Shinepukur කණ්ඩායමට පන්දුවාර 43 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173 ක් පමණයි. ඒ අනුව Shinepukur කණ්ඩායමට තරගයෙන් ලකුණු පහක තියුණු පරාජයක් උරුම වුණා.

Shinepukur ඉනිමේ අවසන් කඩුල්ල ලෙස Minhajul Abedin ලකුණු අටකට ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියා.

එම පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, පිතිකරු පියවරක් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ දරන ආකාරයක් දැක ගත වුණා.

නමුත්, අවසන් මොහොතේදී පන්දුව නිදැල්ලේ යැවීමට තීරණය කළ පිතිකරු යළි සිය සීමාව කරා පිත්ත රැගෙන ඒමට සැලකිය යුතු උත්සාහයක් දරන බවක් දක්නට ලැබුණේ නැහැ.

ඒ වෙනුවට දැක ගත හැකි වූයේ ඔහු සීමා ඉර අසළටම පිත්ත රැගෙන ඒමෙන් පසුව යළි පිත්ත සීමා ඉරෙන් ඉවතට ගන්නා ආකාරයක්.

කඩුලු රකින්නාට පළමු අවස්ථාවේදී කඩුල්ල නිසි පරිදි බිද හෙලීමට ද නොහැකි වන නමුත්, පිතිකරු ඒ දෙස බලා සිටිනවා හැර සීමාව වෙත සිය පිත්ත රැගෙන යාමට ඔහු උත්සාහයක් දැරුවේ නැහැ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...