IPL තරගාවලිය අදින් ඇරඹේ – සම්පූර්ණ තොරතුරු මෙන්න

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වනවා.

18 වැනි අයි.පී.එල් තරගාවලිය අද සිට මැයි 25 වැනිදා දක්වා ක්‍රීඩාංගන 13කදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරග 74 ක් තරගාවලිය යටතේ පැවැත්වෙන අතර, එක් දිනකදී තරග දෙක බැගින් (පස්වරු 3:30ට හා රාත්‍රී 7:30 ට) පැවැත්වෙන දින 12 ක් ද තරගාවලියේ තරග කාලසටහනට ඇතුළත්.

තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අතරයි.

වත්මන් ශූර නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනය වන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී පළමු තරගය මෙන්ම අවසන් මහා තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ (Playoffs) සියලු තරග හයිදරාබාද් හා කොල්කටාහීදී පැවැත්වීමට නියමිත අතර, Qualifier 1 හා Eliminator තරග පිළිවෙලින් මැයි 20 හා මැයි 21 හයිදරාබාද්හීදී පැවැත්වීමට නියමිතයි.

මැයි 25 පැවැත්වෙන අවසන් තරගය හැරුණු විට මැයි 23 පැවැත්වීමට නියමිත Qualifier 2 තරගය ද කොල්කටාහීදි පැවැත්විමටයි නියමිතව ඇත්තේ.

මෙවර තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අක්සාර් පටෙල් විසින් ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අජින්කෙයා රහානේ විසින් ද, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම රිෂාබ් පන්ට් විසින් ද, පංජාබ් කිංග්ස් කණ්ඩායම ෂ්රෙයස් අයියර් විසින් ද මෙහෙය වීමට නියමිතයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නායකයා ලෙස රාජත් පටිදර් කටයුතු කරන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හර්ඩික් පාන්ඩ්යා විසින් ද, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රුටුරාජ් ගයික්වඩ් විසින් ද, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ෂුබ්මන් ගිල් විසින් ද, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සංජු සැම්සන් විසින් ද මෙහෙයවනු ලබනවා.

මෙවර තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 7 ක්. ඉන් මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියට පෙරම ඉන්දීය රුපියල් කෝටි 13 ක මුදලකට සිය සංචිතයේ රදවා ගැනීමට පියවර ගත්තා.

සෙසු ක්‍රීඩකයින් 6 දෙනා අලෙවි වූයේ ක්‍රීඩක වෙන්දේසියේදීයි. නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.6 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තා.

කමිදු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර පිළිවෙලින් මිලදී ගනු ලැබුවේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසිනුයි. ඔවුන් දෙදෙනාම ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් වන මුදලකට අලෙවි වුණා.

ඒෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.2 කට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 කට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වූ අතර, වනිදු හසරංග රාජස්ථාන් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකටයි.

තරගාවලිය සදහා දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් දසුන් ශානක ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවට විවිධ වාර්තා පලව ඇතත්, එය මෙතෙක් අයි.පී.එල් සංවිධායකයින් විසින් හෝ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් තහවුරු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...