IPL 2025 තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(16) නිවේදනය කළා.

ඒ අනුව 18 වැනි අයි.පී.එල් තරගාවලිය මාර්තු 22 වැනිදා ආරම්භ වන අතර, තරගාවලිය අවසන් වන්නේ මැයි 25 වැනිදායි.

ක්‍රීඩාංගන 13කදී තරග 74 ක් තරගාවලිය යටතේ පැවැත්වෙනවා. එක් දිනකදී තරග දෙක බැගින් (පස්වරු 3:30ට හා රාත්‍රී 7:30 ට) පැවැත්වෙන දින 12 ක් ද තරගාවලියේ කාලසටහනට ඇතුළත්.

තරගාවලියේ පළමු තරගය මාර්තු 22 වැනිදා පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අතරයි.

වත්මන් ශූර නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනය වන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී පළමු තරගය මෙන්ම අවසන් මහා තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ (Playoffs) සියලු තරග හයිදරාබාද් හා කොල්කටාහීදී පැවැත්වීමට නියමිත අතර, Qualifier 1 හා Eliminator තරග පිළිවෙලින් මැයි 20 හා මැයි 21 හයිදරාබාද්හීදී පැවැත්වීමට නියමිතයි.

මැයි 25 පැවැත්වෙන අවසන් තරගය හැරුණු විට මැයි 23 පැවැත්වීමට නියමිත Qualifier 2 තරගය ද කොල්කටාහීදි පැවැත්විමටයි නියමිතව ඇත්තේ.

© BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...