IPL 2025 : මුම්බායි ඉන්දියන්ස් සංචිතයට වෙනසක්

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් එළඹෙන අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩකයෙකුම වන AM Ghazanfar වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

මෙම ආබාධය නිසා Ghazanfar හට ශූරයින්ගේ කුසලානය ද අහිමි වී තිබෙනවා.

මූජීබ් අවසන් වරට අයි.පී.එල් තරගාවලියකට ක්‍රීඩා කළේ 2021 වසරේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙනුයි.

ඔහු මේ දක්වා අයි.පී.එල් තරග 19 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු ගණන 19 ක්.

ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකටයි ඔහු මුම්බායි කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...