නවසීලන්තය 2-0 ක් ලෙස ඉදිරියට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු පහක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් ඩනේඩන්හි පැවැති තරගයේ එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

නායක සල්මන් ආගා පන්දු 28 කින් ලකුණු 46 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ජේකබ් ඩෆී, බෙන් සියර්ස්, ජේම්ස් නීෂම් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 13.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටිම් සයිෆර්ට් පන්දු 22 කින් ලකුණු 45 ක් රැස් කළ අතර, හැරිස් රවුෆ් කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට නවසීලන්තය ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...