චමරි ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඊට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්. ඒ, නවසීලන්තය සමග පැවැති විස්සයි 20 තරගාවලියේදී ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව චමරි අතපත්තු පිතිකාරිණියන් අතර 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ඇය නවසීලන්තයට එරෙහි තරගාවලියේදී ඉනිම් දෙකකදී ලකුණු 87 ක් රැස් කළා.

නවසීලන්තයේ Suzie Bates 7 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්. හර්ෂිතා සමරවික්‍රම 22 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා.

පිතිකාරිණියන් අතර පෙරමුණ තවදුරටත් ඔස්ට්‍රේලියාවේ බෙත් මූනිට හිමියි.

මේ අතර, පන්දු යවන්නියන් අතර 19 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉනෝෂි ප්‍රියදර්ශනී සමත්ව තිබෙනවා.

සුගන්දිකා කුමාරි ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ ඇත්තේ 22 වැනි ස්ථානය දක්වායි. කවීෂා දිල්හාරි 34 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවයි අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි සදහන්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...