ශ්‍රී ලංකාව හා නවසීලන්තය සම වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග‍ය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුයි අවසන් වුණේ.

ඩනේඩන්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

කෙසේ වෙතත්, නවසීලන්ත ඉනිමට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා කර තරගය ක්‍රියාත්මක කිරීමට ද විනිසුරුවන් එක් අවස්ථාවක උත්සාහ කළා.

නමුත්, නවසීලන්ත ඉනිමේ පන්දුවාර 14.1 ක් පමණක් ක්‍රියාත්මක වූ අතර, අනතුරුව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමුණා.

ඒ වන විට නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා.

තරගාවලියේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ලකුණු 87 ක් රැස් කළ හා කඩුලු දෙකක් දවා ගත් චමරි අතපත්තු.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...