කුෂ්දිල් ශාහ්ට දරුණු දඩයක් සමග දඩුවම් ලකුණු 3ක්

Date:

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක කුෂ්දිල් ශාහ්ට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ක්‍රයිස්චර්ච්හීදී නවසීලන්තයට එරෙහිව පැවැති පළමු පන්දුවාර විස්සයි 20 තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් දෙවැනි මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3 ක් ද ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තාන ඉනිමේ 8 වැනි පන්දුවාරයේදී Zakary Foulkes ගේ පන්දුවකට පහරක් එල්ල කිරීමෙන් පසුව ලකුණු කරා පැති මාරු කිරීමේ දී පන්දු යවන්නාගේ ශරීරයේ ගැටීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඒ අනුව ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය එනම්, “inappropriate physical contact with a Player, Player Support Personnel, Umpire, Match Referee or any other person (including a spectator during an International Match).” වගන්තිය උල්ලංඝනය කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

සිය වරද හා දඩුවම කුෂ්දිල් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...