ශූරයින්ගේ කුසලානයේ කාලසටහනේ අර්බුදයක් නිසා කණ්ඩායමක් නිකරුණේ ඩුබායි නුවරට

Date:

පාකිස්තානයේදී හා ඩුබායිහීදී පැවැත්වෙන 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද(2) ඩුබායිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, නවසීලන්තය හා ඉන්දියාව අතරයි.

මෙම තරගයේ ප්‍රතිපලය තරගාවලියේ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් කුමන අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කරනු ඇත්දැයි තීරණය කිරීම සදහා අතිශය වැදගත් වනවා.

පළමු අවසන් පූර්ව තරගය මාර්තු 4 වැනිදා ඩුබායිහීදී පැවැත්වෙන අතර, එම තරගය සදහා ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිතයි. දෙවැනි අවසන් පූර්ව තරගය ලාහෝර්හීදී පැවැත්වෙන්නේ එළඹෙන 5 වැනිදායි. එම තරගය සදහා නවසීලන්තය සුදුසුකම් ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, එම රටවල්වල ප්‍රතිවාදීන් තීරණය කෙරෙනු ලබන්නේ අද තරගයේ ප්‍රතිපලයත් අනුවයි. A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනු ලබන රට B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර, A කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගන්නා රට B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

සිය අවසන් පූර්ව තරගය කුමක්දැයි මෙතෙක් ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නොදන්නා නමුත්, එම රටවල් දෙකටම පළමු අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ඩුබායි වෙත පිටත්ව යාමට සිදුව තිබීම විශේෂත්වයක්.

සෙනසුරාදා දිනයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති අතර, අද(2) දහවල් කාලයේදී දකුණු අප්‍රිකා පිල ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතයි.

එම රටවල් දෙකෙන් එක් රටක් පමණක් පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සමග ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් අනෙක් කණ්ඩායමට දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීම සදහා යළි පාකිස්තානය බලා පිටත්ව යාමට සිදු වනවා.

ඒ අනුව එම කණ්ඩායමට (ඔස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව) ඩුබායි වෙත නිකරුණේ ගමන් කිරීමට මේ වන විට සිදුව තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...