එංගලන්තයට දරුණු පරාජයක් උරුම කරමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව අද(1) සමත් වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 7ක පහසු ජයක් වාර්තා කරමින්.

කරච්චිහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 38.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179 ක් පමණයි. එය මෙවර තරගාවලියේදී කණ්ඩායමක් රැස් කළ අවම ලකුණු සංඛ්‍යාවයි.

ජෝ රූට් ලකුණු 37 ක් හා ජොෆ්ර ආචර් ලකුණු 25 ක් ලබා ගත් අතර, බෙන් ඩකට් ලකුණු 24 යි. නායක ජොස් බට්ලර් ලකුණු 21 කට දැවී ගියා.

පන්දු යැවීමේදී මාර්කෝ යැන්සන් ලකුණු 39 කට කඩුලු 3 ක් හා වියාන් මෝල්ඩර් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 29.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රසී වැන් ඩර් ඩසන් නොදැවී ලකුණු 72(87) ක් රැස් කළ අතර, හෙන්රික් ක්ලාසන් ලකුණු 64(56) ක් ලබා ගත්තා.

ඒ අනුව B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාවත්, A කාණ්ඩයෙන් ඉන්දියාව හා නවසීලන්තයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

අවසන් පූර්ව වටයේ ස්ථාන අහිමි වුණේ බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය හා එංගලන්තය යන රටවල්වලටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...