ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ තෙවැනි රට බවට පත් වීමට ඔස්ට්‍රේලියාවට අද(28) හැකි වුණා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරගාවලියේ 10 වැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වීමත් සමගයි.

ඒ අනුව ප්‍රසාද ලකුණ බැගින් කණ්ඩායම් දෙකටම හිමි වූ අතර, ඒ හේතුවෙන් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා. මෙවර තරගාවලියේදී වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළ දෙවැනි තරගය මෙයයි.

හෙට(1) දිනයේදී එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වෙන අතර, ඉන් එංගලන්ත කණ්ඩායම දැවැන්ත පරතරයක් (පළමුව පන්දුවට පහර දුනහොත් ලකුණු 207 කින්) සහිතව තරගය ජය ගතහොත් පමණක් ඇෆ්ඝනිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇති. එසේ නොවුණහොත් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

ලාහෝර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 273 ක් ලබා ගත්තා.

Sediqullah Atal ලකුණු 85 ක් රැස් කළ අතර, අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 67 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Ben Dwarshuis ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තා. ස්පෙන්සර් ජොන්සන් හා ඇඩම් සම්පා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඔස්ට්‍රේලියානු ඉනිමට පන්දුවාර 12.5 ක් අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 109 ක්. ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 59 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...