International Masters League : තරංගගේ සුපිරි ශතකය හමුවේ ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට ජය

Date:

උපුල් තරංගගේ විශිෂ්ඨ ශතකය හමුවේ International Masters League ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද(28) සමත් වුණා.

Vadodara හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 217 ක් රැස් කළා.

ශෝන් මාෂ් ලකුණු 77 ක් ලබා ගත්තේ පන්දු 49 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් සමගින්. බෙන් ඩන්ක් ලකුණු 56 යි. පන්දු 29 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. ඩැනියල් ක්‍රිස්ටීන් ලකුණු 34(13) යි.

පන්දු යැවීමේදී ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, චතුරංග ද සිල්වා හා අසේල ගුණරත්න කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදීයි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 54 කින් ලකුණු 102 ක් රැස් කළේ හයේ පහර හයක් හා හතරේ පහර 8ක් සමගින්.

ලහිරු තිරිමාන්න පන්දු 34 කින් ලකුණු 53 ක් ලබා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 153 ක්. සීක්කුගේ ප්‍රසන්න ලකුණු 16(7) ක් හා ඉසුරු උදාන ලකුණු 15(6) ක් ලබා ගත්තා.

චතුරංග ද සිල්වා තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජය උරුම කර දුන්නා.

පන්දු යැවීමේදී ඩැනියල් ක්‍රිස්ටීන් ලකුණු 65 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...