රිකල්ටන්ගේ ශතකය හා රබාඩාගේ දක්ෂතා දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරදා ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද(21) කරච්චිහීදී සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු හයක් දැවී ලකුණු 315 ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරු රයන් රිකල්ටන් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 106 කින්. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක ටෙම්බ බවූමා ලකුණු 58(76) ක්, රසී වැන් ඩර් ඩසන් ලකුණු 52(46) ක් හා ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 52(36) ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහමඩ් නබී ලකුණු 51 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

රහ්මත් ශාහ් ලකුණු 90(92) ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දැක ගත හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලුන්ගි එන්ගිඩී හා වියාන් මෝල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...