ශූරයින්ගේ කුසලානයේ ලාංඡනයෙන් පාකිස්තානයේ නම ගැළවුණේ ඇයි? පාකිස්තානය කරුණු විමසයි

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේදී සජීවී විකාශන තිරය තුළ සත්කාරක පාකිස්තානයේ නම ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් පාකිස්තානය සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇත්තේ.

තරගාවලියට අදාළ නිල ලාංඡනය (logo) රූපවාහිනී තිරයේ වම් පස ඉහළින් ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙතෙක් පැවැති අනෙකුත් තරගවලදී එම ලාංඡනය සදහා තරගාවලියේ නම ලෙස ‘Champions Trophy 2025’ ලෙසත්, සත්කාරක රට වන පාකිස්තානයේ නමත් ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, ඩුබායිහීදී පැවැති ඉන්දු-බංග්ලාදේශ තරගයේදී තරගාවලියේ නම පමණක් ඇතුළත් කර තිබූ අතර, නිල සත්කාරක රට වන පාකිස්තානයේ නම ඊට ඇතුළත්ව තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් අයි.සී.සීය වෙත සිය අප්‍රසාදය පල කර ඇති පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත්තේ නැවත මෙවැන්නක් සිදු නොවන බවට සහතිකයක් තමන්ට අවශ්‍ය බවයි.

එය මුල් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවට අයි.සී.සීය නිල නොවන අන්දමින් පාකිස්තානය වෙත දැනුම් දී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

නමුත්, මෙම පැහැදිලි කිරීම ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අතෘප්තියට හේතු වී ඇති බව සදහන්.

සජීවී විකාශනයට අදාළ ග්‍රැෆික්ස් නිර්මාණයන් සිදු කර බොහෝ කලකට පෙර ඒවා සපයනු ලබනවා. ඒ අනුව තරඟාවලියේ ආරම්භක තරගයේ ලාංඡනයට පාකිස්තානයේ නම ඇතුළත් වීමත්, ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය සඳහා පමණක් මෙම ගැටළුව ඇති වීමත් සිදු වූයේ මන්දැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රශ්න කර සිටිනවා.

නමුත්, මෙම සිදුවීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව අයි.සී.සීය පෙන්වා දී ඇති අතර, මෙම තරගාවලියට අදාළව පාකිස්තානයේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා මෙය බලපාන ගැටළුවක් නොවන බව පැහැදිලි කර දී තිබෙනවා.

තරගාවලිය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මීට පෙර පැවැත්වුණේ ඉන්දු-බංග්ලාදේශ තරගය පමණයි. ඩුබායිහීදී ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළමු තරගය වන්නේ තරගාවලියේ වඩාත්ම අවධානය දිනා ගත් ඉන්දු-පාකිස්තාන තරගයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...