Watch : තමන්ට එරෙහිව වැදුණු හයේ පහරට ඊළග පන්දුවෙන්ම රබාඩා දුන් සුපිරි පිළිතුර

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(21) කරච්චිහීදී ආරම්භ වූ තරගාවලියේ තෙවැනි තරගයේදී දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා විසින් සුපිරි වේග පන්දුවක් යොමු කරමින් ඇෆ්ඝනිස්තාන පිතිකරු ඊබ්‍රහීම් සඩ්‍රාන් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා ගත් අතර, පිළිතුරු ඇෆ්ඝනිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි සඩ්‍රාන් දැවී ගියේ.

ඉනිමේ 10 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට රබාඩාට එරෙහිව සඩ්‍රාන් විසින් මීටර් 80 ක් දිග දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත් වුණා. එම පන්දුවේ වේගය සටහන්ව තිබුණේ පැයට කිලෝ මීටර් 137 ක පමණ අගයක්.

කෙසේ වෙතත්, අනතුරුව යොමු කෙරුණු පන්දුව පැයට කිලෝ මීටර් 149 කට ආසන්න වේගයෙන් පිතිකරු වෙත ඇදී ආ අතර, එම පන්දුව කෙළින්ම මැද ඉන්නේ වැදීම හේතුවෙන් සඩ්‍රාන් දැවී ගියා. ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 17 ක්.

2009 වසරේ සිට මේ දක්වා පැවැති ශූරයින්ගේ කුසලාන තරගාවලියන් අතරින් කඩුල්ලක් දැවී ගිය දෙවැනි වේගවත්ම පන්දුව ලෙසයි මෙම පන්දුව සැලකෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...