ෂුබ්මන් ගිල්ගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

Date:

ෂුබ්මන් ගිල් වාර්තා කළ අනර්ඝ ශතකය හමුවේ මෙවර ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා.

ඩුබායිහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 228 ක් රැස් කළේ පන්දුවාර 49.4 ක් අවසානයේදීයි.

බංග්ලදේශ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 35 ක් තුළ බිද වැටුණු අතර, අනතුරුව හය වැනි කඩුල්ල සදහා ලකුණු 154 (206) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ජේකර් අලී හා තව්හිද් හ්රිදෝයි සමත් වුණා.

අලී ලකුණු 68(114) කට දැවී ගිය අතර, සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ හ්රිදෝයි ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 118 කින්. හ්රිදෝයිගේ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

පන්දු යැවීමේදී මොහමඩ් ෂාමි ලකුණු 53 කට කඩුලු 5 ක් දවා ගත්තා. හර්ෂිත් රානා කඩුලු 3 ක් ද, අක්සාර් පටෙල් කඩුලු දෙකක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 46.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු 129 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

කේ එල් රාහුල් නොදැවී ලකුණු 41 යි. සිව්වැනි කඩුල්ල ලකුණු 144 දී බිද වැටීමෙන් පසුව රාහුල් හා ගිල් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 87* (98) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේදී රිෂාද් හොසේන් ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...