තවත් නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Molly Penfold හට ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරගාවලි අහිමි වී තිබෙනවා. ඒ, ඇයගේ වම් දණහිසේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

23 හැවිරිදි ඇය Hallyburton Johnstone Shield තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී මෙම මස මුලදී මෙම ආබාධයට මුහුණ දුන්නා.

අනතුරුව ඇය ශල්‍යකර්මයකට ද මුහුණ දුන් අතර, ඒ අනුව ඇයට යළි යථා තත්ත්වයට පත් වීමට සති 12 ක පමණ කාලයක් ගත වනු ඇති.

Molly Penfold එක්දින ජාත්‍යන්තර තරග 14කදී කඩුලු 9ක් ද, විස්සයි 20 ජාත්‍යන්තර තරග 10කදී කඩුලු 7 ක් ද දවා ගෙන තිබෙනවා.

මේ අතර, Sophie Devine ද ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටීමට තීරණය කළ අතර, WPL තරගාවලියට ක්‍රීඩා කරන Amelia Kerr ද ශ්‍රී ලංකා තරගාවලියට ක්‍රීඩා නොකර ඉන්දියාවේ රැදී සිටීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ලබන මාසයේදී පැවැත්වීමට නියමිත අතර, අනතුරුව නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ද විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...