කුහ්නෙමන් පන්දු යැවීමේ පරීක්ෂණයට මුහුණ දෙයි

Date:

ඔස්ට්‍රේලියානු වමත් දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයට මුහුණ දී තිබෙනවා.

බ්‍රිස්බේන්හී National Cricket Centre හීදී  ඔහු එම පරීක්ෂණයට මුහුණ දුන් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉදිරි දින 10 ඇතුළත ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔහු පන්දු යවන විට ඔහුගේ වැලමිට අංශක 15 සීමාව ඉක්මවා යන බවට සනාථ වුවහොත් ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පනවනු ඇති.

එසේ වුවහොත් ඔහුට යළි ක්‍රිකට් පිටියේදී පන්දු යැවීමටනම් සිය ඉරියව්ව නිවැරැදි කර ගනිමින් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකින් සමත් වීමට සිදු වනවා.

ශ්‍රී ලංකාව සමග ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි තරග නිලධාරීන් විසින් ඔහුට එරෙහිව මෙම චෝදනාව එල්ල කර තිබුණේ.

එම ටෙස්ට් තරගාවලියේදී ඉහළ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ 28 හැවිරිදි කුහ්නෙමන් කඩුලු 16 ක් දවා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එල්ල වූ චෝදනාව හේතුවෙන් ඔහුට අයි.සී.සී අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වුණා.

2017 වසරේදී ආරම්භ කළ ඔහුගේ වෘත්තීය ක්‍රිකට් දිවියේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ඔහුට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.

කුහ්නෙමන් මේ දක්වා පළමු පෙල තරග 28 ක්, List A එක්දින තරග 41 ක් හා විස්සයි 20 තරග 55 ක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 5 ක්. එහිදී කඩුලු 25 ක් දවා ගැනීමට කුහ්නෙමන් සමත් වුණා. එක්දින ජාත්‍යන්තර තරග 4 ක් ද ඔහු ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයට පෙර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ඇගිල්ලක ආබාධයකට ද ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වීමේ අවධානමක්ද මතුව තිබුණා. නමුත්, ඔහු කඩිනමින් අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය ළගා කර ගනිමින් ශ්‍රී ලංකා සංචාරයට එක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...